එක්සත් ජාතික පක්ෂය 1977 බලයට පැමිණ පෝලිම් යුගය අවසන් කළා සේ මෙවරද එජාප ආණ්ඩුවක් පිහිටුවා පෝලිම් නැති ස්වර්ණමය යුගයක් බිහි කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රටේ පවතින ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම වෙනුවෙන් දැන් තිබෙන හොදම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව ජනතාව මේ වන විට තේරුම් ගෙන සිටින බව කී නියෝජ්‍ය නායකවරයා පෝලිම්වල ජනතාව මිය යන යුගය අවසන් කරන බවද කියා සිටියේය.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙි බව කීවෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවකදීය.