27 C
Colombo
27/11/2024

ජනතාව අනාථයි – විදුලිය ගාස්තුත් වැඩිකරන්නට යයි

Share with your friends :

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇත.

විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත .

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර ,ඊයේ පැවති සාකච්ඡාවේදී එය කතාබහට ලක්වී ඇත .

ඒ අනුව ,අදාළ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරිය සඳහන් කර ඇත .
මෙය මෙරට සියලු ක්ෂේත්‍ර වලට අහිතකර ලෙස බලපාන අතර දැනටත් ජනතාවගේ ආදායම හා සසඳන කල ලොව වැඩිම විදුලි ගාස්තු ඇති රටක ලෙස ශ්‍රීලංකාව සැලකේ.

Share with your friends :