වර්තමානයේ දී රජය විසින් ඉන්ධන මත පනවා ඇති බදු හරහා එක දිනකට රු. මිලියන 750කට වැඩි ආදායමක් උපයනු ලබන බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (14) පැවති මාධ්‍ය හමුවක ද ඔහු මේ බව පැවසීය.
ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස ඉහළ දමනවා වෙනුවට ආණ්ඩුව විසින් ඉන්ධන මත අයකරන බදුවලින් යම් ප්‍රමාණයක් අඩු කරලා ඉන්ධන මිල මෙතරම් ඉහළ නංවන්නේ නැතුව ඉන්න තිබුණා.
මේ වන විට ආණ්ඩුව ඉන්ධන මත අය කරන බදුවලින් එක දවසකට, රු. මිලියන 750කට වැඩි මුදලක් උපයා ගන්නවා.
ජනතාව මත ම මේ බව පටවන්නේ නැතුව ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරිමින් ආණ්ඩුවට මේ බරින් කොටසක් ආණ්ඩුවට දැරීමේ හැකියාව තිබුණා.
බරින් කොටසක් දරනවා නොවෙයි, බද්ද පොඩ්ඩක් අඩු කළා නං ඒ සහනය ජනතාවට ලබා ගැනීමට හැකියාව තිබුණා.