කඩදාසි හිගය හේතුවෙන් පාසල් පෙළපොත් මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වැඩබලන සාමාන්‍යධිකාරී රංජිත් තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
සැපයුම්කරුවන් සතුව කඩදාසි නොමැතිවීම නිසා අධ්‍යාපන වර්ෂයන්ට අදාල පාසල් පෙළපොත් ඇණවුම් ලබා දීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව හෙතෙම පැවසීය.
පාසල් පෙල පොත් පිටපත් මිලියන හතරක් සඳහා කඩදාසි මෙට්ට්‍රික් ටොන් තුන් දහසක් පමණ අවශ්‍ය බව පැවසූ ඔහු කඩදාසි මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් ලක්ෂ දෙකේ සිට ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කළේය.
පාසල් පෙළ පොත් මුද්‍රණය සංස්ථාවේ ප්‍රධානම ආදායම් මාර්ගය බවද පැවසූ ඔහු එය අහිමි වූවොත් රුපියල් මිලියන එක්දහස් දෙසීයක් පමණ ආයතනයට අහිමි වී යන බවද කියා සිටියේය.
එමෙන්ම රාජ්‍ය ආයතනවලට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ඇණවුම් ලබා දීමට අවශ්‍ය කඩදාසි සම්පාදනය කර ගැනීමේ ගැටලුවක් පැන නැගී ඇති බවත් ලොතරැයි දෙකක මුද්‍රණ කටයුතු ද සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බවද වැඩිදුරටත් කියා සිටියේය.
කඩදාසි අනායනකරුවන් පවසන්නේ ඩොලර් හිගය හේතුවෙන් කඩදාසි ආනයනය කර ගැනීම ඇණහිට ඇති බවයි.