රංජන් රාමනායක අද දිනයේ නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඔහුට එරෙහිව විභාග වන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන පැමිණිල්ලට මුහුණ දීම සදහා ඔහු මෙසේ කැදවා තිබින.
දැනටමත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඩුවම් විදිමින් සිටින ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවා දායකයා කොන්දේසි විරහිතව කණාගාටුව පළ කරන බවයි.
අධිකරණයට අපහාස කිරීමේ අදහසකින් තම සේවා දායකයා එම ප්‍රකාශය සිදු නොකළ බවද ඔහු පැවසීය.