27 C
Colombo
27/11/2024

සර්ව පාක්ෂික සමුළුවකට ජනපති එකග වෙයි

Share with your friends :

රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (08)පැවැති සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇත.

ඊට සමගාමීව විද්වතුන්ගේ සමුළුවක් සහ ආගමික නායකයන්ගේ සමුළුවක් ද කැඳවීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

එම සර්ව පාක්ෂික සමුළුව මේ මස අග දී පමණ පැවැත්වෙනු ඇතැයිද ජයසේකර මහතා කීවේය .

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කාරණා 15 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සා සාකච්ඡා වූ බව ඔහු කීවේය.

විදුලි අර්බුදය, ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය , පොහොර අර්බුදය මෙන්ම , ආහාර අර්බුදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බව ජයසේකර මහතා සඳහන් කළේය .
මේ අතර,පළාත් පාලන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් රජය ඉ දිරිපත් කර ඇති සංශෝධන පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින්, ඒ පිළිබඳව සිය විරෝධය ද එහිදී පළ කළ බව ජයසේකර මහතා කීවේය.

අගමැති මහින්ද රාජපක්ෂ ,මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී
සාගර කාරියවසම් යන මහත්වරු ද , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් , හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍යවරුන් වන , නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න,දුමින්ද දිසානායක, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ෂා න් විජයලාල් ද සිල්වා, අංගජන් රාමනාදන් ,ජගත් පුෂ්පකුමාර ,ශාන්ත බණ්ඩාර , සාරතී දුෂ්මන්ත, චාමර සම්පත් දසනායක සහ ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු ද ඊට සහභාගි වූහ .

ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවති බව වාර්තා විය .

Share with your friends :