ජනාධිපතිවරයාගේ බෞද්ධාගමික උපදේශක මණ්ඩලය පිළිගත නොහැකි බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.
එම මන්ඩලයේ සංයුතිය තීරණය කරන්නේ ජනාධිපති කාර්යාලය විසින් බවත් එම උපදේශක මණ්ඩලයෙන් බෞද්ධ ආගම වෙනුවෙන් කළ දෙයක් නැති බවත් උන්වහන්සේ කියා සිටිති.
අද බෞද්ධ ශාසනයේ විනාශයට මහ නායක හිමිවරුන් පවා වගකිව යුතුව ඇති බවත් පවසන උන්වහන්සේ සමහර හාමුදුරුවරු ඇමතිවරුන්ගේ දාසයන් වී ඇති බවත් පෙන්වා දෙති.
අද ඇතැම් හාමුදුරුවරුන් කරන වැඩ නිසා භික්ෂුවට තිබුණු ගෞරවය නැත්තටම නැතිවී ගොස් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.