27 C
Colombo
26/11/2024

නිදහස් පක්ෂ යෝජනාවලිය සාකච්ඡා කිරීමට ජනපතිගෙන් දිනයක්

Share with your friends :

වර්තමානයේ රට මුහුණ පා ඇති අර්බුදවලට විසඳුම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පසුගියදා ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවස්ථාව ලබා දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එම සාකච්ඡාව ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදාළ යෝජනා ඉදිරිපත් කර මාසයක පමණ කාලයකට පසු ජනාධිපතිවරයා සමග ලැබී ඇති මෙම හමුව පිළිබඳව ආණ්ඩුවේ සෙසු හවුල්කාර පක්ෂ 10 සමග සාකච්ඡා කිරීම සඳහා කොළඹ දී ඊයේ (05) රාත්‍රියේ සාකච්ඡාවක් පැවැත්වුණි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු හවුල්කාර පක්ෂවල නායකයින් හා නියෝජිතයින් එක්ව සිටියේය.

ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත හමුවේදී අවධානයට ලක්කළ යුතු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් හිමි වූ දෙවැනි අවස්ථාව මෙයයි.

Share with your friends :