කෝවිඩ් එන්නත් මාත්‍රා 3 ම ලබා නොගත් අයකුට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විවෘත විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (02) ගොනු කර ඇත.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ .