27 C
Colombo
27/11/2024

රටේ අර්බුදය ගැන කතා කරද්දී මන්ත්‍රිවරු මැති සබේ නෑ

Share with your friends :

රටේ තත්වය පිළිබඳ සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙමින් තිබියදී සභාවේ ගණපූරණය නැතිවීම නිසා මුලසුනේ සිටි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව හෙට උදේ 10.00 දක්වා කල් තබනු ලැබීය.

මේ අනුව විවාදය අතරමඟ නැවතී ගියේය.

පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නැතැයි මුලසුනට දැනුම් දෙනු ලැබුවේ ඉහත සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසිනි.

තමාගේම කණ්ඩායමේ යෝජනාවක් විවාදයට ගැනෙමින් තිබෙන අවස්ථාවක එම කණ්ඩායමේම මන්ත්‍රීවරයකු ගණපූරණය පිළිබඳ ප්‍රශ්නය මතු කිරීම ඉතිහාසයේ පළමු වතාවට සිදු වූ සිද්ධියක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

සභාවේ ඝනපූර්ණය නැතැයි රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා මුලසුනට දැනුම් දෙනු ලැබුවේ පස්වරු 4. 25 ට පමණය.

ඒ අනුව මුලසුනේ සිටි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයාගේ දැනුම් දීම අනුව මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කෙරිණ. එහෙත් ගණපූරණය සම්පූර්ණ වන ආකාරයට මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබේ රැඳී නොසිටීම නිසා රාඝවන් මහතා විසින් පාර්ලිමේන්තුව අද දක්වා කල් තබනු ලැබීය .

පාර්ලිමේන්තුවේ අවසන් වරට රැඳී සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සහ විපක්ෂයේ එක් මන්ත්‍රීවරයකු පමණි.

Share with your friends :