ඉදිරි මාස තුන සදහා සඳහා අඛණ්ඩව තෙල් මිලදී ගැනීමට ආණ්ඩුවට ඩොලර් තිබෙනවා දැයි හිටපු අග්රාමාත්ය සහ එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) විමසුවේය.
මෙි වන විට තෙල් බැරලය ඩොලර් 99ක් වී ඇති අතර ඉදිරියේ දී එය ඩොලර් සියයට වැඩි විය හැකි බවද වික්රමසිංහ මහතා පැවසීය.
දැනට ඇනවුම් කර ඇති ඉන්ධන කෙසේ හෝ මුදල් ගෙවා ලබා ගන්නැයි ද එසේ නැතිනම් ඉදිරියේදී වැඩි මිලට තෙල් ගැනීමට සිදුවන බවද රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.