වර්තමාන ක්රිකට් තේරීම් කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය පලවී තිබේ.
ඉන්දියාවට එරෙහිව ලක්නව්හිදී මේ මස 24 වැනිදා ආරම්භ වන විස්සයි20 ක්රිකට් තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා විස්සයි20 සංචිතයට ප්රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ඇතුළත් නොකිරීමට විරෝධ පළ කරමින් ක්රීඩා ලෝලීහූ පිරිසක් ශ්රී ලංකා ක්රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (22) පස්වරුවේ උද්ඝෝෂණයක් කළහ.
‘භානුකට සාධාරණය ඉටු කරනු’, ‘ඇග බැලුවනන් 96 අර්ජුනත් නෑ වර්ල්ඩ් කප් එකත් නෑ’ සහ ‘ක්රීඩා ඇමතිතුමනි භානුක වෙනුවෙන් සාධාරණය ඉටුකරනු’ ලෙස සඳහන් පුවරු පුදර්ශනය කරමින් එහිදී ක්රීඩා ලෝලීහූ උද්ඝෝෂනයෝ නිරත වූහ.
ශරීරියේ මේද ප්රමාණය මැනීමේ පරීක්ෂණයෙන් භානුක රාජපක්ෂ අසමත් වීම නිසා සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළේය.
උගත් පාසල හා නියෝජනය කරන ක්රීඩා සමාජය අනුව ක්රීඩකයන්ට විවිධ වරප්රසාද හිමිවන බවට කලක් තිස්සේ චෝදනා එල්ල වෙමින් පවතී.