27 C
Colombo
27/11/2024

වික්ටොර්යා, කාසල්රි, මාවුස්සාකැලේ ජලය අඩියේ-විදුලිය 300Mw පමණ අඩුවේ

Share with your friends :

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල ධාරිතාව තවදුරටත් පහල බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් කියති‍‍.

කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ පිටාර මට්ටම අඩි 155 වන අතර , එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 39 ක්(21) අලුයම වන විට පහල බැස ඇත.

මවුස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටම අඩි 120 ක් වන අතර , එම ජලාශයේ ජල මට්ටම (21) දින වන විට පිටාර මට්ටමේ සිට අඩි 47ක් පහල බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියි.

මේ අතර වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී යමින් ඇත.

මෙම ජලාශ ආශ‍්‍රිත බලාගාරවලින් ජාතික පද්ධතියට එක් කරන විදුලි ධාරිතාව මෙගාවොට් 300කට ආසන්නය.

Share with your friends :