27 C
Colombo
27/11/2024

නීතිඥවරුන් වසර තුනකට වරක් අලුත් විය යුතුයි

Share with your friends :

නීතිඥවරුන්ගේ බලපත්‍රය වසර තුනකට වරක් යාවත්කාලීන කළ යුතු යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

ඒ සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු විනිසුරුවරුන් සමග මේ වන විට සාකච්ඡා ආරම්භ කොට ඇතැයි ද පැවැසීය.

කොළඹ නීතිඥ සංගමය ප්‍රකාශයට පත් කළ ‘‘ද චීෆ් මැජිස්ට්රේට් කොර්ථ ලෝ ජනරල්“ නීති කෘතිය එළිදැක්වීමේ උළෙලේදි සාලිය පීරිස් මහතා එසේ පැවැසීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහාධිකරණ විනිසුරුවරුන් දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු නීතිඥවරුන් විශාල පිරිසක්ගේ සහභාගීත්වයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ ශාලාවේ දි පැවැති මෙම උත්සවයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ඇන්ජලෝ බෙනඩික් මහතා විසින් සඟරාවේ මුල් පිටපත මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට ඇතුළු ආරාධිත අමුත්තන්ට පිළිගන්වන ලදි.

Share with your friends :