27 C
Colombo
01/02/2025

චමුදිතගේ නිවෙසට ප්‍රහාරයක්

Share with your friends :

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට සුදු වෑන් රථයකින් මුහුණු ආවරණය කරගෙන පැමිණි නාදුනන පිරිසක් අද (14) අළුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීයාට ගිනි අවි පෙන්වා තර්ජනය කර ඔහු ආරක්ෂක කුටියේ සිරකර මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

කුඩා සුදු පැහැති වෑන් රථයකින් සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ එක් අයකු ආරක්ෂක නිලධාරියා අසල රැඳී සිටියදී අනෙක් තිදෙනා සමරවික්‍රම මහතාගේ නිවස ඉදිරිපිටට ගොස් ගල් සහ අසූචි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිස් නිලධාරියකු පවසයි.

නිවාස සංකීර්ණයේ නිවාස සියයකට අධික සංඛ්‍යාවක් තිබෙන අතර පැමිණි පුද්ගලයන් නිශ්චිත ලෙස චමුදිත මහතාගේ නිවස සොයා ගොස් ප්‍රහාරය එල්ල කර ඇත්තේ කලින් සැලසුම් කර හඳුනාගත් පරිදි බවට සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් කියයි.

එම ප්‍රහාරයෙන් චමුදිත මහතාගේ දෙමහල් නිවසේ වීදුරු ජනෙල්වලට බරපතල අලාභ සිදු වී ඇත

Share with your friends :