වැඩකටයුතු පහසු කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය වෙන්කර දී ඇතත් අමාත්‍යංශවල අවසන් වගකීම ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14)) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
කැබිනට් ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් හමුවීමට පවා නොහැකි බවට කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැබිනට් රැස්වීමේ දී කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි .
තමා මේ බව රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් කැඳවා දැනුම්දෙන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.