27 C
Colombo
27/11/2024

ඉදිරි සති දෙක තුළ මුදල් ඇමති යළිත් ඉන්දියාවට

Share with your friends :

ඉන්දියාවෙන් ලබාදෙන මුල්‍ය පහසුකම් ලබාගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීම සඳහා ඉදිරි සති දෙක තුළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා සඳහන් කළේ, එහිදි පළමුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනක මුදලක් ලැබීමට නියමිත බවය.

මෙරට ජනතාවට අවශ්‍ය ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා එම මුදල හිමිවන බව අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

“බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා පැවැත්තුවා ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මල සිතරාවන් මැතිනිය හා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් සමග. ඒ සාකච්ඡා අතිශය ඵලදායි ප්‍රතිඵල ලබාදුන්නා ලංකාවට. ඒ කියන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් විතර වටින මූල්‍ය සහායෝගයක්‍ ඉන්දියාවෙන් ලබාගැනීමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සකස්කළා. පළමුව අපිට ලැබෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියනක්. ඒ වැඩකටයතු අවසාන කරලා භෞතික වශයෙන් මේ මුදල් ලබාගැනීමට කරගෙන යනවා. ඒ පිළිබඳව අවසාන ගිවිසුම් අත්සන් තැබීමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යළිත් නවදිල්ලි එළඹෙන සති දෙකක කාලය තුළ යෑමට බලාපොරොත්තු වෙනවා. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්දියාවට ගිහිල්ලා කරපු සාකච්ඡාවලින් හුඟාක් දුරට අපිට මූල්‍ය සම්පත් ලැබෙනවා ඒ දුෂ්කර කාලය තුළ මේක ඉදිරියට ගෙන යන්න.”

මේ අතර එළඹෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව ඉතා හොඳ සූදානමකින් පසුවන බව ද අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා එහිදි සඳහන් කළේය.

Share with your friends :