විවිධ වගාවන් සඳහා බීජ වර්ග ආනයනය කරන සමාගම්වලටද ඩොලර් ප්‍රශ්නය නිසා යම් යම් බාධා මතුව ඇතැයි ආනයන සමාගම් පවසයි.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසූවේ ඩොලර් ප්‍රශ්න ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස බීජ වර්ග ආනයනය කරන සමාගම්වලට දැනටමත් දැනුම්දී ඇති බවයි.
එලෙස දැනුම් දුන් පසු මහාභාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඩොලර් සපයාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
බීජ වර්ග ආනයනය සඳහා පවතින තත්වය යටතේ මහ භාණ්ඩාගාරය විශේෂ ප්‍රමුඛත්වයක් ලබා දෙන බව පැවසූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරි යල කන්නයේ වගාව සඳහා බීජ වර්ග ප්‍රමාණවත් පරිදි ලබා ගැනීම අපේක්ෂාව බවද පැවසූවේය.