27 C
Colombo
27/11/2024

ආණ්ඩුව අර්ථ සාධකේටත් ගහලා – හර්ෂ ද සිල්වා

Share with your friends :

මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය එක්ව ඊයේ (7 වැනිදා) නිකුත් කරන ලද ගැසට්පත්‍රය මගින් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සතු සේවක අර්ථ සාධක අරමුදලින් විශාල බද්දක් අයකිරීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. සිය ෆේස් බුක් ගිණුමට වීඩියෝවක් එකතු කරමින් හර්ෂ ද සිල්වා මහතා එසේ ප්‍රකාශ කරයි.

“රුපියල් බිලියන 2 කට වඩා ලාබ තියෙන සියලුම සමාගම් වලින් 25% ක බද්දක් අයකරන බව කියනවා. මේකේ හංගලා, ඇතුළේ, අර්ථකතනයේ තියෙන්නේ, ඊ.පී.එෆ්. එක – ඒ කියන්නේ අර්ථ සාධක අරමුදලටත් – මේ බද්ද වදිනවා කියලා”

“අර්ථ සාධක අරමුදල කියන්නේ ලංකාවේ තියෙන ලොකුම අරමුදල. ඒකේ ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 3 ක් – රුපියල් බිලියන 3000 ක් – විතර වෙනවා. 2020 වසර සඳහා ඒකේ ලාභය රුපියල් බිලියන 250 ක් විතර වෙනවා. ඒකෙන් 25% ක් කියන්නේ රුපියල් බිලියන හැට දෙකහමාරක් (62.5 ක්) විතර”

“ජීවිතේ පළවෙනි වතාවට, ආණ්ඩුවක්, අර්ථ සාධකේටත් ගහල තියෙනවා” යයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Share with your friends :