27 C
Colombo
01/02/2025

සිමෙන්ති හිඟයෙන් පාලම් 9800 ක් කොට උඩ

Share with your friends :

ව්‍යාපාරික ප්‍රජාව නිර්මාණය කර තිබෙන සිමෙන්ති ‘මාෆියාව’ නිසා රට තුළ පවතින දැඩි සිමෙන්ති හිඟය හේතුවෙන් පාලම් 9800 ක ඉදිකිරීම් ප්‍රමාද වී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.

රජය ක්‍රියාත්මක කරන දුෂ්කර ප්‍රදේශ මාර්ගවල ප්‍රවේශ සඳහා පාලම් 10000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙමින් පවතින පාලම්වලින් පාලම් 200 ක් පමණක් පසුගිය වසර අවසන් වන විට ඉදිකර අවසන් කිරීමට හැකිවූ බව කී සුසන්ත ලියනාරච්චි මහතා වැඩි මිලට සිමෙන්ති මිලදී ගෙන එම ඉදිරිකිරීම් කළ නොහැකි බව ද සඳහන් කළේය.

ආනයනික සිමෙන්තිවල මිල ලෙස රුපියල් 1575 ක් සටහන්කර තිබුණ ද එම මිලට සිමෙන්ති මිලදී ගැනීමට නොමැති බවත් මෙම තත්වය පාලනයට බලධාරීන් වහාම මැදිහත්විය යුතු බවත් සුසන්ත ලියනාරච්චි මහතා කීය.

Share with your friends :