භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි 26 කට ආසන්න ඇමරිකානු ඩොලර් විදේශයන්ට (ප්‍රේෂණය ) යැවූ බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනකු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ අද (31) කරුණු වාර්තාකර ඇත.
නූරා මල්ටි ට්‍රේඩර්ස් ලෙසින් ලියා පදිංචි කර ඇති ආයතනයක් මගින් රට ඉඳි, රන්භාණ්ඩ ආදී භාණ්ඩ අපනයනය කරන බවට හඟවා මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා මෙරට තුළ පවතින ඇමරිකානු ඩොලර් විදේශයන් වෙත යවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව අධිකරණයට කරුණු වාර්තා කර තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා බැරකම් විමර්ශන කොට්ඨාශයේ ඒකක 4 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා විසිනි.