27 C
Colombo
26/11/2024

විදුලිය පෞද්ගලික අංශයෙන් ගන්න යයි

Share with your friends :

පවතින වියළි කාලගුණික තත්වය හමුවේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින් ,පෞද්ගලික විදුලි බලාගාර දෙකක ගිවිසුම් කාලය දීර්ඝ කළ යුතු යැයි විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා රජයට යෝජනා කර ඇත .

ඒ සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඇමතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ .

මෙගා වොට් 100 ක ධාරිතාවකින් යුත් ඒස් පවර් මාතර තාප බලාගාරයේ සහ මෙගාවොට් 20 ක ධාරිතාවකින් යුත් ඒස් පවර් ඇඹිලිපිටිය අප බලාගාරයේ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් මෙසේ දීර්ඝ කිරීමට යෝජනා වී තිබේ.

මේ අතර, උපරිම විදුලි ඉල්ලුමක් පවතින කාලසීමාව වන ප ව 6 .00 සිට රාත්‍රී 10.00 දක්වා තරගකාරී මිලට විදුලිය මිලදී ගැනීමටත් තමන් විසින් ඉන්ධන සපයා ගැනීමේ පදනම මත ක්ෂණිකව සේවා සැපයිය හැකි රජයේ සහ පෞද්ගලික ආයතවලින් මිල ගණන් කැඳවීමටත් ඇමතිවරයා රජයෙන් අවසර ඉල්ලා ඇත .

Share with your friends :