27 C
Colombo
24/11/2024

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

Share with your friends :

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් පිරිනමා තිබේ.

එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා විසින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත යොමු කරන ලද ලිපියක්
මගින් මෙම ණය පහසුකම ලබාදෙන බව සඳහන් කර ඇත.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මේ හරහා ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීමට, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායකත්වය දැක්වීමට සහ ද්විපාර්ශවික ආර්ථික සහ වාණිජ සහයෝගීතාවයට වැඩි ජවයක් ලබා දීමට ඉන්දියාව දක්වන කැපවීම පිළිඹිබු කරන බවය.

මෑතකදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 900කට අධික විදේශ විනිමය සහය ලබාදී තිබේ.

Share with your friends :