27 C
Colombo
19/01/2025

කිරිපිටි හිඟයේ නිමාවක් නෑ

Share with your friends :

රටතුළ පවතින කිරිපිටි හිඟය නිමවන දිනය සහ රටතුළ ණයවර ලිපි නිකුත් කිරීම සාමාන්‍ය තත්වයට පත්වන දිනය සමඟ සමානුපාතිකව පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම මස අග කිරිපිටි රැගත් නෞකාවක් කොළඹ වරායට ළගාවුවද කිරිපිටි හිඟය අවසන් නොවන බවත් ශ්‍රී ලංකාවේ කිරිපිටි අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපයන සමාගම ද සාමාන්‍ය ආනයන ප්‍රමාණයෙන් සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් පමණක් ආනයනය කරන බවත් එම නිලධාරියා කීය.

කිරිපිටි හිඟයට හේතුව කිරිපිටි ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කරගැනීමට ඩොලර් නොමැති වීම බව කී එම නිලධාරියා ශ්‍රී ලංකාවේ මසක කිරිපිටි අවශ්‍යතාවය ටොන් 6,000 ත් 7,000ත් අතර ප්‍රමාණය ආනයන කිරීමට ඩොලර් මිලියන 30 ක් පමණ අවශ්‍ය බව ද සඳහන් කළේය.

Share with your friends :