27 C
Colombo
26/11/2024

හැකි නම් ඡන්දෙකට යන්න – ආණ්ඩුවට අභියෝග

Share with your friends :

ආණ්ඩුවට ඇති ජන ප්‍රසාදය උරගා බැලිමට හැකිනම් මැතිවරණයක් පවත්වන්නැයි අභියෝග කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (11) පැවසීය.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් ජනතාවගේ රතු කට්ටය පැන ඇති බවත් හෙට අනිදාදා වනවිට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පාරේ බැස යාමට නොහැකි තත්වයක් උද්ගත වනු ඇති බවත් මහලේකම්වරයා සඳහන් කලේය.

ආන්ඩුවේ අමනෝඥ තීරණ හේතුවෙන් විපතට පත් ජනතාව, ගොවියන්,කම්කරුවන් ඇතුලු සියලුදෙනා සමග සමගි ජනබලවේගය පාරට බහින බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Share with your friends :