සහල් හිඟයක් ඇති වුවහොත් ආරක්‍ෂිත පියවරක් ලෙස මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙම සහල් තොගය ආරක්ෂිත තොගයක් ලෙස තබන බවත් මෙම සහල් තොගය ජනවාරි මස අවසන් වන විට රට තුළ ගබඩා කිරීමට බලාපොරොත්තු වන බවත් වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් කීය.
මෙම සහල් ගණුදෙනුව ශ්‍රී ලංකා සහ මියන්මාර රජයන් අතර එකක් බව කී එම නිලධාරියා ඒ සඳහා අස්සන් තැබූ බව ද සඳහන් කළේය.