27 C
Colombo
18/01/2025

රටේ අනාගතය අදුරුයි.. මේ අවුරුද්ද හොදටම අමාරුයි..

Share with your friends :

ආණ්ඩුව මේ යන ආකාරයට කටයුතු කළහොත් මෙම වසරේ දී රට තවත් දරුණු අර්බුදයට මුහුණ පානු ඇතැයි ලංකා ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

ගතවන කාලය ලෝකයටම අමාරු ආර්ථික අර්බුද සහිත කාලයක් බවත් මෙම තත්වයත් සමග ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් ඇති රටවලට දරා ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවත් ඒ මහතා පැවසීය.

අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තත්ත්වයක පවතින බව ද පැවසූ ඔහු එම තත්ත්වය සමනය කිරීමට සඳහා තම පක්ෂය ඇතුළු පක්ෂ දහයක් විසින් ගෙන ආ යෝජනා ආණ්ඩුව විසින් සැලකිල්ලට ලක් නොකළ බව ද ඔහු චෝදනා කරයි.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Share with your friends :