මෙරට නිල විදේශ සංචිත ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මේ වසර අවසානයේ දී ද මෙරට නිල සංචිත ප්රමාණය එම තත්ත්වයේ ම පවතිනු ඇතැයි ද හෙතෙම කියයි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වෙයි.
“මීට පෙර කරන ලද දැනුම්දීම් සහ නිවේදන අනුව යමින්, ශ්රී ලංකා මහ බැංකුවේ නිල සංචිත ප්රමාණය අද ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ළඟා වුණා. මේ වසර අවසානයේදීත් සංචිත ප්රමාණය එම අගයේම පවතිනු ඇත