27 C
Colombo
26/11/2024

බස් ගාස්තුත් නගී

Share with your friends :

බස් ගාස්තු සීයට 17 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් තුනකින් ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ත.

ඒ අනුව රුපියල් 14ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා වැඩිවන බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය.

මෙයට අමතරව රුපියල් 17ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 20 දක්වාත්, රුපියල් 23 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 27 දක්වාත්, රුපියල් 28 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 33 දක්වාත්, රුපියල් 33ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 39 දක්වාත් වැඩිකිරීමට නියමිත බව වෙල්ගම මහතා කීවේය.

එම බස් ගාස්තු වැඩිකිරීම ජනවාරි 05 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ලංගම සහ පෞද්ගලික බසරථ සියල්ලෙහිම මෙම ගාස්තු සංශෝධනය සිදුකරන බවත් වෙල්ගම මහතා කීවේය.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තුද ඉහළ දමන්නැයි බස් හිමියන්ගේ සංගම් රජයෙන් කළ ඉල්ලීමක් මත මෙම ගාස්තු සංශෝධනය සිදුකරනු ලැබීය.

Share with your friends :