සියයට අටක බස් ගාස්තු සංශෝධනය සහ අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය ගෙන ඇතැයි කියන තීරණය සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් වෙත තවම කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ යාම, බස් රථ අමතර කොටස් වල මිල ඉහළ යාම, ලිහිසි තෙල් මිල ඉහල යාම, සේවා ගාස්තු ඉහළ යාම ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් බස් හිමියන්ට සහනදායි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.