ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගියොත් ඔවුන් ලංකාවට ඉටු කරන්නට බැරි ආාරයේ කොන්දේසි පනවනු ඇතැයි තමා නොසිතන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙි වන විට ලෝකයේ රටවල් හයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් තිබෙන බව කී වික්‍රමසිංහ මහතා එම රටවල් වලට මූල්‍ය අරමුදල කොන්දේසි පනවා නැතැයි ද කීය.
ආණ්ඩුවට දැන් තෙල් ගේන්න පවා මුදල් නැතැයි කී හිටපු අග්‍රාමාත්‍යවරයා තෙල් ගෙන ඒමට මාසයකට ඩොලර් මිලියන 400 ක් පමණ අවශ්‍ය බවද එම නිසා ඩොලර් ප්රශ්නය විසදන්න තියෙන හොදම ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම බවද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.