27 C
Colombo
20/01/2025

ඩොලර් නෑ.. දේශීය සමාගම්ද ලංකාව හැර යන බව කියයි

Share with your friends :

විදේශ මුදල් සංචිත හිඟවීම හේතුවෙන් බොහෝ දේශීය සමාගම් වෙනත් රටවලට යාමට තීරණය කළ හැකි බවට ලංකා වාණිජ මණ්ඩලය අනතුරු හඟවා තිබේ.

“ව්‍යාපාර කිරීමේ පහසුව සඳහා තීරණාත්මක වන මෙම තත්ත්වයන් වැඩිදියුණු නොවන්නේ නම්, බොහෝ දේශීය සමාගම් තම ව්‍යාපාරික කටයුතු විදේශයන්හි ස්ථානගත කිරීමට කටයුතු කරනු ඇතැයි අපි කනස්සල්ලට පත්ව සිටිමු. එය සෘජු විදේශ ආයෝජන (FDI) රට තුළට ආකර්ෂණය කර ගැනීමේ අපගේ හැකියාව ද බරපතළ ලෙස සීමා කරනු ඇත. එබැවින්, ඍණාත්මක ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අපේක්ෂා කළ පරිදි සෞභාග්‍යය වෙත ළඟා වීම වෙනුවෙන් ශක්තිමත් පශ්චාත් වසංගත ප්‍රකෘතියක් සඳහා වන මාර්ගයට ශ්‍රී ලංකාව නැවත ගෙන යන ලෙසත් අපි රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.” යැයි මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන වාණිජ මණ්ඩලය සහ ඒ හා එකාබද්ධ තවත් මණ්ඩල 10ක් ප්‍රකාශ කළේය.

2021 නොවැම්බර් මාසය අවසන් වන විට මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 1.5 දක්වා අඩුවීමත් සමග ව්‍යාපාරිකයන් දැඩි විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටී. විදේශ මුදල් නොමැතිකම සම්බන්ධයෙන් පවතින තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආනයන සඳහා මූල්‍යමය වශයෙන් විදේශ මුදල් ලබා ගැනීමේදී සාමාජික සමාගම් සහ පෞද්ගලික අංශය මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව රජයේ අවධානය යොමු කරන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share with your friends :