27 C
Colombo
19/01/2025

බදාදා සිට බස් ගාස්තු ඉහළට

Share with your friends :

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ලබන බදාදා සිට බස් ගාස්තු වැඩිකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සමඟ පැවති සාකච්ඡාවකදීය.

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සභාපතිවරයාට ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදාල කටයුතු සිදුකරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දැනුම් දී ඇත.

මේ අතර, අන්තර් පලාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථ ගාස්තු 20% කින් ඉහළ නැංවීමට සිදුවන බවය.

මේ අතර පසුගිය සමයේ ආනයනික කිරිපිටිවල මිල ඉහළ දැමුවත් වෙළෙඳපොල තුළ කිරිපිටි හිඟය තවදුරටත් පවතී.

අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල කිරිපිටි මිලදී ගැනීම සඳහා රැස්වූ ජනතාව දිගු පෝලිම්වල සිටිනු දක්නට ලැබුණි.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, කිරිපිටි හිඟය අවසන්වීමට තවත් මාස 02ක පමණ කාලයක් ගතවනු ඇති බවය.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනය සඳහා වූ පාලන මිලෙන් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඉවත්වීමත් සමඟ මේ වන විට බේකරි නිෂ්පාදන සහ ක්ෂණික ආහාරවල මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

Share with your friends :