අද වන විට ශ්‍රී ලංකාව බංකොලොත් වීමට ආසන්න තත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.
එවන් තත්ත්වයකට රට පත්වෙද්දී රජය හෝ මුදල් අමාත්‍යංශයේ ඒ පිළිබඳව පියවරක් ගැනීමට කටයුතු කරන්නේ දැයි සැක මතුව ඇතැයි ද ඔහු පැවසීය.
මේ තත්ත්වයට පත්ව ඇත්තේ මූල්‍ය විනයක් නැතිව කටයුතු කිරීමෙන් බවද කී ඔහු මින් ඉදිරියටවත් මූල්‍ය විනයක් සහිතව කටයුතු කිරීමට කටයුතු කළ යුතු බවද කියා සිටියේය.
තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.