27 C
Colombo
19/01/2025

අතේ සතේ නැති මිනිස්සුන්ට බස් කාඩ් දෙන්න උත්සහයක්

Share with your friends :

ලබන ජනවාරි මස 1 වැනිදා සිට බස් කාඩ්පත අනිවාර්යය කිරීම සඳහා සහ කොන්දොස්තරවරයා රහිතව හෝ සහිතව මගී බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

බස් රථ ධාවනයේ පිරිවැය තුන් ගුණයකින් වැඩි වීම නිසා ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනය සියයට 25 ක් දක්වා අඩු වන බව කී ගැමුණු විජේරත්න මහතා රජය ඉන්ධන මිල ක්ෂණිකව විශාල මුදලකින් ඉහළ දැම්මොත් ඊට පසු දිනයේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ද සඳහන් කළේය.
ගැමුණු විජේරත්න මහතා නුගේගොඩදී පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
කෙසේ වෙතත් සෙසු බස් සංගම් පවසන්නේ මේ පිටුපස විශාල ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් මෙයින් ජනතාව දැඩි අසීරුවට පත්වන බවත්ය.

Share with your friends :