27 C
Colombo
19/01/2025

බොරතෙල් නැතිව සපුගස්කන්ද යලි වැසේ.. පිරිපහදු ඉන්ධන ගේන්න ඩොලර් නෑ ?

Share with your friends :

බොරතෙල් ප‍්‍රමාදයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතත් වසා දැමීමේ අවදානමක් මතුව ඇත.

විදේශ විනිමය ගැටලුව හේතුවෙන් ප‍්‍රමාද වී ඇණැවුම් කිරීම මත මීලග බොරතෙල් තොගය මෙරටට ලබා වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 25 වැනිදා වනවිටයි.

ඒ අනුව එළැඹෙන ජනවාරි මුල් සතියේ සිට පිරිපහදුව වසා දැමීමේ අවදානමක් මතුව තිබේ.

මේ අතර එළැඹෙන මාසය සඳහා ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඩොලර් මිලියන 420 ක මුදලක් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම මත තෙල් නීතිගත සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.

අවසන්වරට පැවති කැබිනට් මණ්ඩලයේදී මෙම මුදල මුදල ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.

තෙල් සංස්ථාවට රුපියල් උපයාගත හැකි නමුත් ඩොලර් උපයාගත නොහැකි බව ද පවසා ඇති අමාත්‍යවරයා මෙම තත්ත්වය මත ඉන්ධන ගෙන්වීම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි ද පෙන්වා දී ඇත.

Share with your friends :