27 C
Colombo
19/01/2025

ඉන්ධන නිකුත් කිරීම සඳහා කූපන් ක්‍රමයක් යෝජනා කෙරේ

Share with your friends :

අඩුආදායම්ලාභීන් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කූපන් ක්‍රමයකට ලබාදෙන ලෙස අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

අද (19) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ආණ්ඩුව අමාරු කාලයකට මුහුණ දී තිබෙන්නේ. ඒ නිසා මජනතාවටත් එක්තරා අමාරුකම්වලට මුහුණදෙන්න වෙලා තිබෙනවා. ඔවුන්ගේ කලකිරීම ඉවත්කර ගැනීමට අවශ්‍ය විශ්වාසයක් ලබාදෙන්න අපි ලෑස්ති. අපි යෝජනාකරනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩුආදායම්ලාභී ජනතාවට අඩුමිලකට කූපන් ක්‍රමයකට ලබාදෙන්න කියලා. ඒ වගේම තෙල් භාවිතය කූපන් ක්‍රමයක් අනුව සලාක ක්‍රමයකට නිකුත් කිරීමට ක්‍රියාකරන්න. එමගින් තෙල් භාවිතය අඩුකරගන්න පිළිවෙළක් බලන්න.”

Share with your friends :