27 C
Colombo
25/11/2024

ඩොලර් හිගය මඟහරවන්න තව ණය ගන්න යයි

Share with your friends :

රට තුළ මතුව ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, චීනය , ජපානය සහ රුසියාව යන රටවලින් ද ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ .

ඒ සම්බන්ධයෙන් මිත්‍ර රටවල් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමට ප්‍රකාශ කර ඇත .

ඉන්දියානු සංචාරයෙන් සාර්ථක ප්‍රතිඵල අත් වූ බවත් ,ඇමරිකානු ඩොලර් කෝටි 140 ක පමණ සහනයක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වූ බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .

ඒ අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කරගෙන යන බව සඳහන් කර ඇති මුදල් ඇමතිවරයා දැඩි කොන්දේසි වලට යටත් නොවි සහනදායී ක්‍රමවේදයකට ගනුදෙනු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර ඇත.

Share with your friends :