27 C
Colombo
20/01/2025

මත්පැන් දුම්කොළ භාවිතය ගැන හරි තොරතුරු ලබාදී නෑ

Share with your friends :

ශ්‍රී ලංකාව තුළ මත්පැන් හා දුම්කොළ භාවිතය ගැන සමීක්ෂණ පවත්වා නිවැරැදි තීන්දු ගෙන රජයට තොරතුරු ලබාදීමේ වගකීම දුම්කොළ සහ මත්පැන් නියමන අධිකාරිය හෙවත් නාටා ආයතනය පැහැර හැර ඇතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

කිසිදු නිවැරැදි සමීක්ෂණයක් 2006 වසරේ සිට මේ දක්වා නාටා ආයතනය සිදුකර නැතැයි ද එම ආයතනය සුදු අලියකු බවට පත්ව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.

දුම්වැටිවල මිල ඉහළ නැංවීමෙන් ජනතාව ඉන් ඈත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇතත් ඒ පිළිබඳව රජයට නිවැරැදි තොරතුරු ලබාදීමට නාටා ආයතනය අසමත්ව ඇතැයිද බුද්ධික පතිරණ මහතා පැවැසීය.

Share with your friends :