වත්මන් ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙය වන්නේ කවුදැයි නොදන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.
මේ ආකාරයෙන් රටකට ඉදිරියට යා නොහැකි බවත් ආණ්ඩුවේ ප්‍රධානීන් හා නිලධාරීන් රට හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බවත් ඔහු පැවසීය.
මාසයක් අවසන් වෙද්දී මෙතරම් ප්‍රමාණවලින් ඩොලර් එන බව කීවද එය එසේ සිදු නොවණ බව සියලු දෙනා දන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රට ඉදිරියට යා හැක්කේ ජනතාවට සත්‍ය පැවසුවොත් පමණක් යැයිද ඔහු සඳහන් කරයි.
සාමකාමී වාතාවරණයක් පවතිද්දී පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම ගැටලු සහගත බවත් පවසන ඔහු සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව වාරාවසාන කරන්නේ අසාමාන්‍ය තත්ත්වයක් ඇති වූ අවස්ථාවලදී බවද කියා සිටියි.
රටක විධායක බලය ප්රජාතන්ත්රවාදයට අනුකූලව ක්‍රියාත්මක විය යුතු බව ඔහු තවදුරටත් සඳහන් කළේය.