27 C
Colombo
25/10/2024

ඩොලර් නෑ.. ඖෂධ රැසක් වරායේ හිරවේ

Share with your friends :

මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙමින් ඇති බවට අනතුරු ඇඟවෙමින් තිබේ.

ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මුදාහරින්නට රාජ්‍ය මූල්‍ය ආයතන අපොහොසත් වීම නිසා මෙම තත්වය උදා වෙමින් ඇත.

රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟතාවයක් ලබන වසර ආරම්භ වන විට ඇතිවිය හැකිව තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ ආනයනය කිරීමට අදාළ කටයුතු අවසන් කර මිල ගණන් ඉදිරිපත් කළ ආයතන පවරා ඇතත් ණයවර ලිපි විවෘත කිරීම සඳහා බැංකු මගින් ඩොලර් නිකුත් නොකිරිම හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් බරපතළ වී ඇත.

අභ්‍යන්තර තොරතුරු අනුව දැනට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ වර්ග 75 කට අදාළව ණයවර ලිපි නිකුත් කර ගත නොහැකිව ඖෂධ නීතිගත සංස්ථාව බරපතළ ගැටලුවකට මුහුණපා සිටී.

මේ වන විටත් ඖෂධ සහ ශල්‍ය උපකරණ ආදිය කොළඹ වරාය තුළ විශාල ප්‍රමාණයක් සිර වී ඇත්තේ ඒවා නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ලබාදීමට ඇති නොහැකියාව හේතුවෙනි.

Share with your friends :