27 C
Colombo
25/10/2024

ආයෝජන මණ්ඩලයේ සභාපති යළි ඉල්ලා අස්වීමේ සූදානමක්

Share with your friends :

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා එම ධූරයෙන් ඉවත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවතත් ප්‍රකාශ කළ බව ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මේ බව නැවතත් දැනුම්දුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

තමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳව ජනාධිපතිවරයා තැබූ විශ්වාසයට පිළිබඳවත් පශ්චාත් කොවිඩ් සමයේදී ආර්ථික පරිවර්තනයක් සඳහා ආයෝජන ප්‍රවර්ධනය අඛණ්ඩව කරගෙන යාමට කළ ඉල්ලීම පිළිබඳවත් ජනාධිපතිවරයාට කෘතඥතාව පළ කළ බවත් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දශකයක් තුළ දෙගුණයක් බවට පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා නව නායකත්වයක් පත්කරන ලෙස ද එහිදී සභාපතිවරයා ඉල්ලා සිටි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය පසුගියදා ඉල්ලා අස්වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මීට පෙර වාර්තා විය.

Share with your friends :