27 C
Colombo
24/10/2024

එතෙර සිට මෙතෙර එන 12ට අඩු ළමුන්ට පී.සී.ආර් වාර්තාවක් අවශ්‍ය නෑ

Share with your friends :

විදේශගතව සිට මෙරටට පැමිණෙන වයස අවුරුදු 12ට අඩු ළමුන් වෙනුවෙන් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නැතැයි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහෙත් වයස අවුරුදු 12 සහ ඊට වැඩි අය මෙරටට පැමිණීමේදී පැමිණීමට පැය 72කට පෙර ලබාගත්, කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වූ පී.සී.ආර් වාර්තාවක් ගුවන් තොටුපොළේදී ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එමෙන්ම මෙරටට පැමිණෙන යම් අයකු පසුගිය මාස 3 ඇතුළත කොවිඩ් ආසාදිතයකු වී ඇත්නම් ඔවුන්ට ආසාදිත නොවන බවට තහවුරු කිරීම සඳහා පැය 48ක් ඇතුළත සිදුකළ රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඔවුන් ආසාදිතව සිටි පුද්ගලයෙක් බවට තහවුරු කිරීමට අවශ්‍ය ලිපිලේඛන ඔවුන් සතුව තිබිය යුතු බවද ඔහු ප්‍රකාශ කරයි.

Share with your friends :