27 C
Colombo
24/10/2024

විනිමය නීති කඩන ආයතනවලට එරෙහිව පියවර

Share with your friends :

බලයලත් මුදල් හුවමාරු කරන්නන් කිහිපදෙනෙකු නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

අදාළ ආයතන වෙත සන්නිවේදනය කරන ලද ගැටලු නිවැරදි කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට සහ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇති බවද දැනුම්දී තිබේ.

ඒ අනුව, මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නියමිත කාලසීමාවක් තුළ අදාළ විධානයන්ට අනුගතවෙමින් කටයුතු කරන ලෙස ඔවුන්ට දැනුම්දී තිබේ.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත (පනත) යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම්වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට ලද පැමිණිලි කිහිපයකට ප්‍රතිචාර වශයෙන් එම පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරන්තරයෙන් නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවය.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ මුදල් හුවමාරුකරුවන් හට ලබාදෙන අනුපාතවලට වඩා වැඩි අනුපාතයන්ට විදේශ විනිමය ගනුදෙනු කිරීමට බලයලත් මුදල් හුවමාරුකරුවන් හට බලයක් නොමැති බවය.

Share with your friends :