27 C
Colombo
22/10/2024

මුදල් ඇමති නැති අයවැය විවාදයක් දැක්කේ පළමු වරට – රනිල්

Share with your friends :

අයවැය වැය ශීර්ෂ විවාදයට ගැණෙන කාල සීමාවේදී අයවැය ඉදිරිපත්කළ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු වුවත් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට මුදල් ඇමතිවරයාගේ සහභාගිත්වයකින් තොරව විවාදයක් ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.

අයවැය විවාදයට නොසිට ඔහු ඉන්දියාවට ගියේ කුමන කාරණයක් මතද යන්න පිළිබඳවද එහිදී වික්‍රමසිංහ මහතා සමෘද්ධි, ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය,ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් විමසීය.

අයවැය විවාදය පැවැත්වෙන විට පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ රාජ්‍ය ඇමතිවරයා නොව අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා බවයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ සංචිත ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් නොකරන්නේ ඇයිද යන්න පිළිබඳවත් වික්‍රමසිංහ මහතා විමසීමක් කරන ලදී.

Share with your friends :