27 C
Colombo
23/10/2024

ප්‍රියන්ත වෙනුවෙන් මුදල් ප්‍රදානයක්

Share with your friends :

පාකිස්තානයේ සියල්කොට් නගරයේදී සාහසික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාශයේ සේවක සුබසාධක අරමුදල මගින් රුපියල් ලක්‍ෂ 25ක මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

විගමනික සේවකයෙක් වශයෙන් ඔහු විසින් වසර 11ක් තිස්සේ මෙරට ආර්ථිකයට ලබාදුන් දායකත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් මෙම මුදල ප්‍රදානය කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත්කර තිබූ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

Share with your friends :