27 C
Colombo
23/10/2024

ජනතාවගේ නාඩි ගැන නොදැන රට පාලනය කරන්න බෑ.. දිනෙන් දිනම රට අගාධයට..

Share with your friends :

ජනතාවගේ දේශපාලන නාඩි ගැන හරි දැනුමක් නැත්නම් ඔහු දේශපාලනඥයෙකු නොවන බවත් එවන් අයෙකුට රටක් පාලනය කරන්න බැරි බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහලේකම් සහ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.

වර්තමානය රට මුහුණ දෙන අර්බුදයට විසඳුම් නොමැතිව රට අගාධයට යමින් ඇතැයිද ඔහු පැවසීය.

ආණ්ඩුවේ දේශපාලන පක්ෂ නායකයන් මහජන නියෝජිතයන් මුණ නොගැසී නිරන්තර සාකච්චා නොපවත්වා කිසිම නායකයකුට රටක් පාලනය කළ නොහැකි බව ද එවිට මෙවන් අර්බුද මතු වීම නොවැළැක්විය හැකි බවත් ඔහු කියා සිටී.

නායකයන් පළමුකොටම අර්බුදවල ප‍්‍රශ්නවල ගැඹුර තේරුම් ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය මැතිවරණවලදී ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවගෙන් අති බහුතරයක් අද වන විට ආණ්ඩුවෙන් ඈත්ව සිටින බවද පැවසූ ඔහු තුනෙන් දෙකක බහුතර බලයක් ලැබුණු සෑම ආණ්ඩුවකට මෙවැනි තත්වයන්ට මුහුණ දී බලෙන් පහව ගිය බව ඉතිහාසය සාක්ෂි දරන බවද කියා සිටියේය.

Share with your friends :