27 C
Colombo
23/10/2024

කංසාවලට නීතිගේන යෝජනාව සම්මතයි

Share with your friends :

කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී අද (07)සම්මත විය.

සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යෝජනාව ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යෝජනාව ස්ථිර කළේය.

යෝජනාව ඉදිරිපත් කරමින් ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ මේ වන විට ලොව බොහෝ රටවල් කංසා බෝගයක් ලෙස වගා කර ආදායමක් ලබමින් සිටින බවයි.

මෙහිදී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කළහ.

Share with your friends :