27 C
Colombo
23/10/2024

උප්පැන්න සහතිකයේ වෙනසක්

Share with your friends :

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී එයට ශ්‍රී ලංකා අනන්‍යතා අංකය ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

සෑම ශ්‍රී ලාංකික පුරවැසියකු සඳහාම ශ්‍රී ලංකා අනන්‍යකා අංකය නිකුත් කිරීම සඳහා 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු පනතේ විධිවිධාන පරිදි නිකුත් කර ඇති 2019 අංක 1 දරණ ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු (ශ්‍රී ලංකා අනන්‍යතා අංක) නියෝග යටතේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත බලය පැවරී ඇත.

එකම අනන්‍යතා අංකයක් භාවිතා කිරීමෙන් උපතේ සිට මරණය දක්වා සිදුකරන ක්‍රියාකාරකම්වලදී සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවා ලබාගැනීමේදී පහසුවෙන් හා කාර්යක්‍ෂමව එම කටයුතු ඉටුකරගැනීමට හැකිවන බව අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

Share with your friends :