27 C
Colombo
22/10/2024

ඉදිරි වසරේ ආහාර හිගයක්

Share with your friends :

කොරෝනා වෛරසයේ අඛණ්ඩ විකෘති වීම හේතුවෙනි සෞඛ්‍යය පද්ධති සහ රාජ්‍ය මූල්‍ය මත ඇතිවන පීඩනය නිසා ඉදිරි වසරේ ආහාර හිගයක් ඇති වණු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා තත්ත්වය නිසා ඇතිවූ විනාශය කලාපීය දේශගුණික විපර්යාස වලට අහිතකර ලෙස බලපෑම් ඇති කර ඇති බවත් එමගින් ඉදිරි වසරේ ආහාර හිගයක් ඇති වනු ඇති බවද ඔහු කියා සිටියේය.

කොරෝනා හේතුවෙන් සමස්ත ගෝලීය ආර්ථිකයට බලපෑම අඛණ්ඩව ඉහළ යනු ඇත ඇති බවද කී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කළ ඇස්තමේන්තුවට අනුව බොහෝ රටවල ඒක පුද්ගල ආදායමක් වසර කිහිපයක් තිස්සේ වසංගතයට පෙර පැවති තත්ත්වයට වඩා පහළින් පවතිනු ඇති බව ද පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අබුඩාබියේ පැවති ඉන්දීය සාගර සමුළුව අමතමිනි.

Share with your friends :